My photo
The South Asia Policy and Research Institute (SAPRI) is a not for profit, non-partisan ‘Think Tank’ whose focus is the study of issues relating to political, economic, social, cultural and environmental topics in South Asia, and, making recommendations to be implemented through an advocacy process at the policy making level as well as at the grassroots level. SAPRI was established in February 2010 under the Chairmanship of Madame Chandrika Kumaratunga, former President of Sri Lanka. It has a Board of Directors comprising eminent Sri Lankan and South Asian experts.

Thursday, June 13, 2019

කොළඹ දිස්ත්‍රික් කාන්තා පළාත් ආණ්ඩු සභිකාවන් පළමුවන දිස්ත්‍රික් ක්‍රියාකාරකම කොලොන්නාවේදී පවත්වයි: තේමාව- “සංහිදියාව සහ ජාතික ආරක්ෂාව”


සැප්‍රි (SAPRI) ආයතනය විසින් නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ සහාය ඇතිව 2018 මැයි මස සිට 2019 මැයි මස දක්වා මෙහෙයවූ කාන්තා පළාත් පාලන සභිකාවන් “සවි බල ගැන්වීමේ” වැඩ සටහන 2019 මැයි මස 24 වන දින අවසන් වූ අතර ඉදිරි ගමන උදෙසා “ මාර්ග සිතියමක්” සභිකාවන් විසින් එදින පිළියෙළ කරන ලදී.

කොළඹ දිස්ත්‍රික්කයේ සභිකාවන් විසින්  සකස් කරන ලද මාර්ග සිතියමට අනුකූලව කොලොන්නාව නගර සභාවෙහි සභිකාවන් විසින් පළමු වැඩසටහන, ගංගානි උෂාන්ති පෙරේරා සභිකාවගේ මූලිකත්වයන් 2019 ජූනි මස 1 වන දින, කොලොන්නාවේදී පවත්වන ලදී.  මැයි 24 දින රැස්වීමේ දී  ප්‍රකාශ කළ පරිදි, මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීමට ඔවුන්ට හැකි වූ අතර, වැඩසටහන සංවිධානය කිරීම සදහා වැය කලේ සතියක් වැනි කෙටි කාලයක් පමණි.

විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාව, දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාව සහ කොළොන්නාව නගර සභාවේ සභිකාවන් 11 දෙනෙක් මෙම වැඩසටහනට සහභාගි වූහ. කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් ආණ්ඩු ආයතනයන්හි පුරුෂ නියෝජිතයන් මෙන්ම ප්‍රජා නියෝජිතයන්ද මෙම වැඩසටහනට සම්බන්ධ වුහ.

“සංහිදියාව සහ ජාතික ආරක්ෂාව” යන මාතෘකාව වැඩ සටහනෙහි තේමාව විය.

මෙම අවස්ථාවට සියලු ආගම්වල පූජකවරුන් සම්බන්ධ වුහ. බෞද්ධ ස්වාමින් වහන්සේලා සිව්නමක් විසින් සෙත් පිරිත් ගායනා කළ අතර හින්දු, ඉස්ලාම්, කතෝලික/ක්‍රිස්තියානි ආගමික පූජකවරුන් විසින් ආගමික වතාවත් පවත්වන ලදී.  පූජ්‍ය පක්ෂය විසින් මෙම අවස්ථාවේ දේශනා පැවැත්වීමද කරන ලදී.

හිටපු හමුදාපති දයා රත්නායක මහතා විසින් පවත්වන ලද ප්‍රධාන දේශනය සමඟ වැඩසටහන ආරම්භ විය.

ප්‍රජාව නියෝජනය කරමින්  අදහස් දැක්වීමට සාමාජිකයන්ට ආරාධනා කිරීමෙන් පසුව ඔවුන් සාර්ථක අන්දමින් සංහිඳියාවේ අවශ්‍යතාවය පැහැදිලි කළ අතර ගුණධර්ම සහ සමානාත්මතාවය වර්ධනය කිරීමේ වැඩසටහන් ඉදිරියට ගෙනයාමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී.
වැඩසටහන අවසානයේ සහබාගී වූ සැම දෙනාම එකතුව ජාතික ගීය ගායනා කරන ලදි.

වැඩසටහන නිම වීමෙන් පසු ප්‍රධාන සංවිධායිකා  ගංගානි උෂාන්ති පෙරේරා සභිකාතුමිය මෙසේ ප්‍රකාශ කරන ලදී. 

“සංහිඳියාව හා ජාතික ආරක්ෂාව උදෙසා පැවැත්වු වැඩසටහනට සහභාගි වු අපේ කාන්තා පක්ෂයේ සියළුම සහෝදරියන්ට හා මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට දැනුම හා අපගේ කුසලතා නංවාලන SAPRI ආයතනයේ ගීතා ද සිල්වා මැතිනිය ඇතුළු සියළු දෙනාට මගේ ගෞරවනීය  ස්තූතිය”  
-කොලොන්නාවේ ගංගානි උෂාන්ති-

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව මතුවූ සමාජ අස්ථාවරත්වයට ප්‍රතිචාරයක් වශයෙන් කාන්තා සභිකාවන් විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන කාලීනව වැදගත් අවස්ථාවක් වන්නේ මෙම  බිම් මට්ටමේ කාන්තා නියෝජිතවරියන් බහුතරයක් 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණයේ දී 25%ක ප්‍රතිශතය ක්‍රියාවට නැංවීමත් සමග දේශපාලන ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූ අය වීමයි. 

එමෙන්ම, කොළොන්නාව නගර සභාවේ කාන්තා සභිකාවන්ගේ පුරෝගාමී මෙහෙවර, දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පළාත් පාලන ආයතනයන් කිහිපයක් එක්ව ක්‍රියාත්මක වීම සහ  දේශපාලන පක්ෂපාතිත්වය නොතකා කාන්තා පෙරමුණක් ලෙස  එක්වීමට දරන උත්සාහයක් ලෙස ප්‍රශංසනීය වේ.


No comments:

Post a Comment

Reconciliation at Grassroots led by Women Local Government Members

Reconciliation at Grassroots led by Women Local Government Members: Way forward by transferring ownership to communities A project of SAPR...